විකිලිකිස් වෙබ් අඩවියේ නිර්මාතෘ ඇසුරුකළ පුද්ගලයෙකු ඉක්වදෝරයේදී අත්අඩංගුවට

Share Button

විකිලික්ස් නිර්මාතෘ ජුලියන් අසන්ජේ් සමීපව ඇසුරුකළ පුද්ගලයෙකු ඉක්වදෝරයේදී අත්අඩංගුවට ගැනේ. ඔහු රටෙන් පිටවයාමට උත්සාහ දරද්දි අත්අඩංගුවට ගත් බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. කෙසේ වෙතත් එම පුද්ගලයා පිළිබඳව තොරතුරු මෙතෙක් හෙලිකර නැත. මේ අතර ජුලියන් අසන්ජේ භාරදෙන ලෙස අමෙරිකාව කර ඇති ඉල්ලීම කෙරෙහි බ්‍රිතාන්‍යයේ් අවධානය යොමුවී තිබේ. අසන්ජේ ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ සිටියදී ඊයේ පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු එම තානාපති කාර්යාලයේ වසර 7 ක් පමණ රැකවරණ ලබා ඇතැයි හෙලිවිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *