ශ්‍රි ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය ජයගතහොත් රුපියල් කෝටි 50 කට වැඩි ත්‍යාග මුදලක්

Share Button

ශ්‍රි ලංකාව ලෝක කුසලාන ක්‍රිකට් ශූරයන් වුවහොත් රුපියල් කෝටි 50 කට වැඩි ත්‍යාග මුදලක් මෙරටට හිමිවීමට නියමිතයි. එලෙස කුසලානය ජය ගතහොත් ශ්‍රි ලංකා ක්‍රිඩකයින්ටද විශාල මුදලක් පිරිනැමිමට ශ්‍රි ලංකා කිකට් ආයතනය සූදානම් වෙයි. එම මුදල ගෙවන ආකාරය පිළබඳව දැන් ක්‍රමවේදයක් සකස් කරමින් සිටි.

තරගාවලියට සහභාගිවන සංචිතයට ක්‍රිඩයින් 15 දෙනෙකු ඇතුලත් වන අතර ඔවුන්ට සහ ඊට සම්බන්ධ වන නිලධාරින්ට යම් ප්‍රතිශතයකින් ත්‍යාග මුදල් පිරිනැමේ. පවතින තත්ත්වය යටතේ කුසලානය දිනාගතහොත් ශ්‍රි ලංකා ක්‍රිඩකයෙකුට රුපියල් ලක්ෂ 200 කට වැඩි මුදල් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලැබෙනු අතැයි විශ්වාස කෙරේ. ඊට අමතරව තරගයට සභාගිවීම වෙනුවෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ද ශ්‍රි ලංකාවට විශාල මුදලක් හිමිවෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *