කඩිනමින් එක්සත් රජයක් පිහිටුවාගැනිමට සූඩාන බලධාරිහු තීරණය කරති

Share Button

සුඩානයේ හමුදා කුමන්ත්‍රනයට දිනයක් ගතවීමෙන් පසු එය සිදුකළ සුඩාන හමුදා කවුන්සිලයේ ප්‍රධානී ආරක්ෂක අමාත්‍ය අවාඩ් ඉබින් අවුෆ් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි. ඔහු ඒ බව රාජ්‍ය රූපවහිනිය ඔස්සේ ප්‍රකාශයට පත්කලේය ඔහුගේ දෙවැනියා ලෙස කටයුතු කළ ලුතිතන් ජනරාල් අබ්දුල් ෆාටා පුරප්පාඩු වු ස්ථානයට පත්කර ඇත. තමන් මැතිවරණයක් පවත්වන්නේ වසර දෙකකට පසුව බව යුධ හමුදාව නිවේදනය කලේය.

රටේ සාමය සමගිය ඇති කිරිම සඳහා වසර දෙකක කාලයක් බලයේ සිටිමට හමුදාව බලාපොරොත්තු වෙයි. හමුදා කුමන්ත්‍රන සිදුකළ ඉබින් අවුෆ් එරට හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙසද ක්‍රියා කලේය. ඩාෆූර් ප්‍රදේශයේ සිදුවූ යුධ අපරාධ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ඔමාර් අල් බෂීිර් මහතාව අන්තර් ජාතික අපරාධ අධිකරණයට ඉදිරිපත් කරනු ඇතැයි ද වාර්තා වෙයි.

මේ අතර යුධ ගැටුම්වලට මැදිවී සිටින දකුණු සූඩානයට සාමය ලබාදෙන්නැයි ශූද්ධෝත්තම ෆ්‍රුන්සිස් පාප්වහන්සේ සූඩාන දේශපාලඥයන්ගෙන් විශේෂ ඉල්ලීමක් කලේය. ඊට ප්‍රතිචාර දක්වමින් කඩිනමින් එක්සත් රජයක් පිහිටුවා ගැනිම සඳහා ගිවිසුමකට එළඹීමට සූඩාන බලධාරින් තීරණය කර තිබේ.

වතිකානයේදි පාප්වහන්සේ සුඩාන දේශපාලන නායකයින්ගේ දෙපා සිඹ මෙම ඉල්ලිම සිදුකලහ. 2011 වසරේදි සුඩානයෙන් වෙන්වී දකුණු සුඩානය නව රජයක් ස්ථාපිත කලේය. ඉන් පසු 2013 සිට හටගත් සිවිල් යුද්ධයෙන් අහිමිවු ජීවිත සංඛ්‍යාව ලක්ෂ 4 කට වැඩිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *