ජාතික ගුවන් විදුලිය – රටවටා අවුරුදු

Share Button

ජාතික ගුවන් විදුලිය මෙවර ද රටවටා අවුරුදු විශේෂාංගය ශ්‍රාවකයන් වෙත ගෙන ඒමට විධිවිධාන යොදා තිබේ. හෙළ සිරිත් මතුපරපුරට යන්න මෙවර එහි තේමාවයි. හෙට පස්වරු 1 30 සිට පස්වරු 4 30 දක්වා සිංහල ස්වදේශිය සේවය හා සියලු ප්‍රාදේශිය සේවා ඒකාබද්ධව සජිවීව වැඩසටහන් ප්‍රචාරය කෙරේ.

කතානායක කරු ජයසුරිය මහතාගේ කිරුළපනේ පිහිටි නිවස සහ කඹුරුපිටිය . අනුරාධපුරය. යාපනය. මාඔය හත්තොට අමුණ කුරුණැගල . හේනානිගල මිලිදුපුර යන ප්‍රදේශ කොළඹ ප්‍රධාන කාර්යාලය සමග එහිදි සම්බන්ධ කර ගැනේ. ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව 29 වන වරටත් මෙවර රටවටා අවුරුදු වැඩසටහන සදහා දායකත්වය ලබාදෙය.

මෙවර අලුත් අවුරුද්දට සමගාමිව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පැල බෙදාදීමේ සහ පැල සිටුවීමේ වැඩසටහනක්ද සංවිධාන කර තිබේ. සංස්ථා අධ්‍යක්‍ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක එම වැඩසටහන කොළඹ ප්‍රධාන කාර්යාලය හා සියඵ ප්‍රාදේශීය සේවා වල ක්‍රියාත්මකයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *