සිංහල දෙමල අඵත් අවුරුද්ද අදයි.

Share Button

සිංහල දෙමල අඵත් අවුරුද්ද අදයි. සිංහල දෙමල ශ්‍රී ලාංකීය ජනතාව අති උත්කර්ශවත්ව සහ සාමකාමීව අඵත් අවුරුදු උදාව සැමරීමට සූදානමින් සිටිති.

ඊයේ දිනයේදීද කඩ සාප්පු ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් තිබූ බව අප වාර්තාකරුවෝ පවසති. අලුත් අවුරුද්ද අද පස්වරු දෙකයි නමයට උදාවේ. පෙරවරු 7 45 සිට පස්වරු 8 33 දක්වා පුණ්‍ය කාලය යි. ලිප ගිනි මෙලවිම සහ ආහාර පිසිමේ නැකත ඇත්තේ පස්වරු 2 42 ටයි.

නැගෙනහිර දිශාව බලා හකුරු මිශ්‍ර කිරිබතක්ද. කිතුල් මිශ්‍ර අග්ගලා සහ කැවුම් වර්ගයක් ද එහිදි පිළියෙල කරගත යුතුය. නැගෙනහිර දිශාව බලා වැඩ ඇල්ලිම .ගනුදෙනු කිරිම හා ආහාර අනුභවය සිදුකළ යුතු නැකත යෙදී ඇත්තේ පස්වරු 3 54 ට යි.. රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසි නැකත් චාරිත්‍රවල යෙදීම සුදුසුය.

මෙවර අලුත් අවුරුද්දේ රටවටා අවුරුදු හෙල සිරිත් මතු පරපුරට තේමාව ඔස්සේ ගෙනඒමට ජාතික ගුවන්විදුලිය කටයුතු සම්පාදනය කොට ඇත. ලංකා බැංකුව 29 වන වතාවටත් ඒ සදහා දායකත්වය ලබාදෙයි. අද පස්වරු 1 30 සිට පස්වරු 4 30 දක්වා සිංහල ස්වදේශිය සේවය හා සියලුම ප්‍රාදේශිය සේවා ඒකාබද්ධව සජිවිව මෙම වැඩසටහන් ගෙන එනු ලැබේ.

කතානායක කරු ජයසුරියගේ මහතාගේ කොළඹ කිරුලපන නිවසේ සිටත් රුහුණු . රජරට. යාපනය. කදුරට. වයඹ ප්‍රාදේශිය සේවා සහ ගිරාදුරුකෝට්ටේ දඹාන ප්‍රජා ගුවන්විදුලිය සම්බන්ධ කර ගනිමින් කොළඹ ප්‍රධාන කාර්යාලයේ සිට රටවටා අවුරුදු තොරතුරු ගෙනඒමට ජාතික ගුවන් විදුලිය කටයුතු යොදා ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *