කිම් ජොං උන් – ඩොන්ල්ඩ් ට්‍රම්ප් 3 වන සාකච්ඡා වටය

Share Button

එක්සත් ජනපදය උතුරු කොරියාව සම්බන්ධයෙන් යහපත් ආකල්පයකින් කටයුතු කරන්නේ නම් පමණක් ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් මහතා සමග 3 වන සාකච්ඡා වටයට සහභාගි විමට සුදානම් බව උතුරු කොරියානු නායක කිම් ජොං උන් මහතා කියයි.

උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු ඒ බව සදහන් කලේය. අන්‍යෝන්‍ය ලෙස පිලිගත හැකි එකගතාවලට එලැඹිමට සාකච්ඡා උපයෝගි කරගත යුතුය යන්න උතුරු කොරියානු නායකයාගේ අදහසයි.

ඇමරිකානු උතුරු කොරියානු නායක දෙපල අතර පලමු සාකචඡාව පසුගිය වසරේ සිංගප්පුරුවෙ පැවැතත්විණි. දෙවැන්න පසුගිය පෙබරවාරි මාසයේ වියට්නාමයේදි පැවැත්විණි. එම සාකච්ඡා දෙකම නිශ්ඵල විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *