උදාවන සිංහල හා දෙමල අලුත් අවුරුද්දට එක්සත් ජනපද සුභාශිංසන

Share Button

උදාවන සිංහල හා දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රි ලංකාවාසි ජනතාවට එක්සත් ජනපද රජයේ සුභාශිංසන පිරිනැමේ. සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා මෝගන් ඔර්ටගස් මහත්මිය පවසන්නේ ඇමරිකානු රජය හා ජනතාව වෙනුවෙන් එම සුභපැතුම් පිරිනමන බවයි.

ප්‍රජාතාන්ත්‍රික මුලධර්ම සදහා වු කැපවිමක් සහිත පුලුල් සබදතා මත පදනම් වු සම්බන්ධතාවක් ශ්‍රි ලංකාව හා එක්සත් ජනපදය අතර පවතින බව ඇය සිය සුභාපැතුම් පණිවිඩයේ සදහන් කර තිබිණි. ඉදිරි වසර තුල එම සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනිමට අපේක්ෂා කරන බවද ඇය කියයි.
කාම්බෝජයේ ජ

නතාව නව වසර අද සිට ලබන 16 වැනිදා දක්වා සමරති. විවිධ රැකියා සඳහා අගනුවර බලා පැමිණ සිටි පිරිස් නව වසර සැමරීම සඳහා විශාල වශයෙන් ගම් ප්‍රදේශ බලා යමින් සිටිති. ඊට බස් රථ හා බෝට්ටු ආදිය සැපයීමට පියවර ගෙන ඇත.

මේ අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ වාසය කරන ශ්‍රි ලාංකිකයෝ එක්වී පසුගිය සිකුරාදා අලුත් අවුරුදු උළෙලක් පැවැත්වුහ. ඩුබායිහී සාබීල් උද්‍යානයේ පැවති එම උළෙලට ශ්‍රි ලාංකීකයෝ පහලොස් දහසකට අධික පිරිසක් එක්ව සිටියහ. සාම්ප්‍රදායික අලුත් අවුරුදු ක්‍රිඩා රැසක් එහිදී පැවැත්විමට සංවිධායකයින් කටයුතු කර තිබුනි.

ඇමරිකා එක්සත් ජනපදය. බ්‍රිතාන්‍ය . ඔස්ට්‍රේලියාව යන රටවල විවිධ ප්‍රාන්ත වල සිංහල සංගම් හා සිංහල ජනතාව ඒකරාශීව අඵත් අවුරුදු උළෙල සංවිධාන කර තිබේ. හෙල සිරිතල අවුරුදු සැමරීමද නැකතට අනුව සිදු කරන බව විදෙස් පුවත් වාර්තා කරයි.
ඉන්දියාවේද දෙමල ප්‍රාන්තවල අඵත් අවුරුදු උදාව උත්කර්ශවත්ව සැමරීම අද දිනයේදී සිදුවන බව ඉන්දීය මාධ්‍ය පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *