ගිණිකෙළි භාවිතයේදී කුඩා දරුවන්ගේ ආරක්ෂාව පිලිබද අවධානය යොමු කරන්න

Share Button

අලුත් අවුරුදු සමයේ ගිණිකෙළි භාවිතයේදී කුඩා දරුවන්ගේ ඇස් ආරක්‍ෂා කරගැනීම කෙරෙහි දෙමාපියන්ගේ අවධානය යොමුවිය යුතු බව ශ්‍රී ලංකා අක්‍ෂි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. රතිඤ්ඤා දැල්වීමේදී ඉන් පිටවන ගින්නෙන් හා දුම්වලින්ද ඇස්වලට අනතුරු සිදුවිය හැකිය.

සෙසු ගිණිකෙළි භාණ්ඩවලින්ද ඇස්වලට හානි සිදුවීමේ වැඩි ඉඩකඩක් පවතී. එමනිසා කුඩා දරුවන් ගිණිකෙළි භාණ්ඩ භාවිත කිරීමෙන් වළක්වාලන ලෙසත් දරුවන් රැදි සිටින ස්ථානවල ගිණිකෙලි භාවිතයෙන් වළකින ලෙසත් ශ්‍රී ලංකා අක්‍ෂී විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය දිල්රුවන් ආරියසිංහ මහත්මිය ඉල්ලීමක් කරයි.

මේ අතර උත්සව සමයේ ගිනිකෙලි සහ මාර්ග අනතුරු අවම කර ගැනීමට සියඵ දෙනා අවධානය යොමු කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ හෙල පුහුණූ කිරීමේ නිලධාරීනී පුෂ්පා රම්‍යානිද සොයිසා මෙනවිය පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *