නෑගම් යාමේ චාරිත්‍රය ඉටු කිරීමට බන්ධනාගාර රැදවියන් සූදානම්

Share Button

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රැදවියන් සඳහා නෑගම් යාමේ චාරිත්‍රය ඉටු කිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ලබන 21 වැනිදා කොළඹ සිට අගුණකොලපැලැස්ස බන්ධනාගාරය දක්වා නැගම් යන බව සිරකරු සුබසාධක සංගමය පැවසීය. අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට එහිදි අලුත් අවුරුදු කැවිලි සහ තෑගි රැගෙන යාමට සැලසුම්කර ඇත. ඉන් පසු ඔවුන් වෙනුවෙන් අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වේ.

මේ අතර කලුතර බන්ධනාගාරයේ රදවා සිටින කොළඹ අවට ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තා රැදවියන් 18 දෙනෙකු ඔවුන්ගේ ඉල්ලිමක් අනුව අද දිනයේ වැලිකඩ කාන්තා බන්ධනාගාරයට මාරු කිරීමට තීරණය කර ඇති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලේය. රැදවියන්ට සිය ඥාතීන් හමුවිමට පහසුකම් සැලසිම සඳහා අදාල තීරණය ගත් බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *