වියලි කාලගුණයෙන් පුද්ගලයින් පන්ලක්ෂ අසූ දහසක් පීඩාවට

Share Button

පළාත් 9 ක දිස්ත්‍රික්ක 21 කට බලපා ඇති වියලි කාලගුණය හේතුවෙන් මේ වන විට පවුල් එක්ලක්ෂ පණස් දෙදහසකට අධික සංඛ්‍යාවකට අයත් පුද්ගලයින් පන්ලක්ෂ අසූ දහසකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

වැඩිම පීඩනයක් එල්ලවී ඇත්තේ බස්නාහිර හා උතුරු පළාත්වලටය. මෙහිදි කලුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පුද්ගලයින් දෙලක්ෂ අසූ දහසකට වැඩි පිරිසක් ජලය නොමැතිවීම ඇතුඑ ගැටඑවලට මුහුණ දී ඇත.

කලුතර දිස්ත්‍රික්කයට වැඩි තර්ජන එල්ලවී ඇත්තේ පානීය ජලයට ලවන මිශ්‍ර වීම හේතුවෙනි. එබැවින් කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් බෙදාහරින ජලය තවදුරටත් පානය කිරීම නොගන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරන්නේ ලුනු මිශ්‍ර ජලය පානය සඳහා නිර්දේශ නොකලත් අනෙකුත් කටයුතු සඳහා ජලය මුදාහැරීමට මණ්ඩලය කටයුතු කර ඇති බවයි. පානය සඳහා බවුසර මගින් ජලය බෙදාහැරීමට පියවර ගෙන තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *