අයවැයෙන් වැඩි කළ විශ්‍රාමිකයින්ගේ වැටුප් ලබන ජූලි මාසයේ සිට

Share Button

අයවැයෙන් ඉහළ නංවන ලද විශ්‍රාමිකයින්ගේ වැටුප් ලබන ජූලි මාසයේ සිට ඔවුන්ට ලබා දීමට කටයුතු කරන බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහතා පවසයි.

ඒ අනුව ප්‍රාදේශිය ලේකම් කාර්යාල සමග එක්ව නව වැටුප් සංශෝධන සැකසීම කඩිනම් කෙරේ. එම වැටුප 2016 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා විශ්‍රාම ලැබූ සියලු විශ්‍රාමිකයින්ට හිමිවේ.

එම පිරිස පන්ලක්ෂ අසූදහසක් පමණ වේ. විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රජය මාසිකව වැය කරන මුදල රුපියල් මිලියන දහසය දහසකි.

එම මුදල මෙම වසර අවසන් වන විට රුපියල් මිලියන දාහත් දහස දක්වා ඉහළ යා හැකි බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *