විශේෂ ප්‍රවාහන සේවා ලබන 22 වැනිදා දක්වා

Share Button

උත්සව සමයේ මගි ජනතාවගේ පහසුව සදහා ආරම්භ කළ විශේෂ ප්‍රවාහන සේවා ලබන 22 වැනිදා දක්වා ක්‍රියාත්මකයි. ඒ අනුව අද දින ද විශේෂ දුම්රිය ධාවනය කෙරේ.

පෙරවරු 9 25 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වාද පෙරවරු 11 50 ට මරදාන සිට ගාල්ල දක්වා ද පස්වරු 2 55 ට මාතර සිට මරදාන දක්වාද පස්වරු 5 55 ට ගාල්ල සිට මරදාන දක්වාද. රාත්‍රි 8 50 ට යාපනය සිට ගල්කිස්ස දක්වා ද විශේෂ දුම්රිය ධාවනයට කටයුතු යොදා තිබේ. මිට අමතරව සියලු මාර්ග වල ධාවනය බස්රථ ගමන්වාර වැඩිකර ඇත.

අලුත් අවුරුදු සමයේ ක්‍රියාත්මක විශේෂ ලංගම හා පෞද්ගලික බස් සේවා සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇත්නම් ඒවා දැනුම් දිමට දුරකතන අංක දෙකක් හදුන්වා දි තිබේ.

ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ සම්බන්ධ පැමිණිලි දුරකතන අංක 0117 555 555 මගින් දැනුම්දිය හැකිය. ජංගම දුරකතන අංක 077 105 60 32 ද ඒ සදහා විවෘතව පවති. ජාතික ගමනාගමන කොමිසමේ බස්රථ සම්බන්ධ පැමිණිලි ක්ෂණික දුරකතන අංක 1955 න් දැනුම් දිය හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *