අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය ලබන බදාදා

Share Button

සිංහල දෙමල අඵත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය 17 වන බදාදා පූර්ව භාග 07 40ට යෙදී තිබේ. නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත්ද පයට කොළොන් පත්ද තබා පලාවන් පැහැති වස්ත්‍රාභරයෙන් සැරසී කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු තෙල්ද ගා ස්නානය කළ යුතු බව නැකත් චාරිත්‍රයේ දැක්වේ.

හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් අප්‍රේල් මස 17 වනදා පෙරවරු 7 යි 40 ට කඵතර බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජාරාම මූලස්ථ මහා විහාරස්ථානයේදී පැවැත්වේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුඵ මැති ඇමතිවරුන් ද මෙම අවස්ථාවට එක්වන බව ශ්‍රී සුබෝධිරාජාරාම විහාරාධිපති පුජ්‍ය හල්වතුරේ අස්සජී ස්වාමීන් වහන්සේ පවසති.

රැකී රක්ෂා සදහා පිටත්ව යෑමේ චාරිත්‍රය යෙදී ඇත්තේ 18 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 04 යි 52 ටයි. පලාවන් පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු සහ තල මෝරු මිශ්‍ර කිරිබතක් අනුභවකොට නැගෙනහිර දිශාව බලා රැකී රක්ෂා සදහා පිටත්ව යා යුතුවේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *