පැල සිටුවීමේ නැකත අදයි

Share Button

පැලයක් සිටුවා පරිසරය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කිරීමට එක්වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලයි. මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් පත්‍රයට පැළ සිටුවීමේ නැකැත ද එක් කර තිබේ.

තුන් පොකුරු යෝගය යෙදී ඇති අප්‍රේල් 15 වන සඳුදා පූර්ව භාග 11 යි 17 ට ස්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම මැනව යි නැතැක් පත්‍රයෙහි සඳහන් වේ.

ඒ සඳහා දැව අවශ්‍යතා සපුරන නැදුන්. කලුවර. බුරුත. හොර. නා. සහ කුඹුක් ආදී දේශීය පැල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි වන කාර්යාල හා දිසා වන නිලධාරින්ගෙන් නොමිලේ ලබාගැනීමට අවස්ථාව සලසා තිබිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *