ගින්නෙන් හානියට පත් වූ ප්‍රංශයේ පැරිස් නුවර නොතඩැම් කතෝලික දේව මන්දිරය කඩිනමින් නැවත ගොඩනගන බව එරට ජනාධීපති එමානුවෙල් මැක්‍රොම් මහතා ප්‍රතිඥා දෙයි

Share Button

ගින්නෙන් හානියට පත් වූ ප්‍රංශයේ පැරිස් නුවර නොතඩැම් කතෝලික දේව මන්දිරය කඩිනමින් නැවත ගොඩනගන බව එරට ජනාධීපති එමානුවෙල් මැක්‍රොම් මහතා ප්‍රතිඥා දෙයි. ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්නත් සමග දේවස්ථානයේ වහල කඩා වැටී තිබේ. අභ්‍යන්තර විදුලි දෝෂයක් ගින්නට හේතු වන්නට ඇතැයි විශ්වාස කෙරේ මෙය වසර 850 ක් පැරණි දේවස්ථානයක් වීම විශේෂත්වයයි.. යුනෙස්කෝ සංවිධානය විසින් මෙම දේවස්ථානය ලෝක උරුමයක් ලෙස ද නම් කර ඇත.
——–
ගත වූ වසර පහ තුළ බංගලාදේශය සීඝ්‍ර ආර්ථික වර්ධනයක් අත් කරගෙන ඇතැයි ලෝක බැංකුව පවසයි. ඇගලුම් අපනයන අංශයෙන් සියයට 83 ක ප්‍රගතියක් අත්කරගෙන තිබෙ.්. 2018 වර්ෂයේ විදේශ විනිමය අමෙරිකානු ඩොලර් බිලියන 14 යි දශම 9 කි. කෘෂිකාර්මික අංශයෙන්ද බංගලාදේශය සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බව ලෝක බැංකුව කියයි.
——–
වෙළෙඳ සබඳතා තර කර ගැනිමේ අරමුණින් ජපානය සහ අමෙරිකාව සාකච්ඡා පවත්වයි. අමෙරිකාවේ වොෂිංටන් නගරයේ පැවති සාකච්ඡාවේදි ජපානයේ නිෂ්පාදිත භාණ්ඩ අමෙරිකාව තුළ අලෙවි කිරිම සම්බන්ධව විශේෂ අවධානයක් යොමු ව තිබේ. නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තියක් දෙරට අතර ක්‍රියාත්මක කළ යුතු බව අමෙරිකාව පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *