තවත් ඖෂධ වර්ග 27 ක මිල ළගදීම පහතට
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන කමිටුව වෙළඳපලේ ඖෂධ මිල ගණන් විශ්ලේෂණය කිරීම මේ වන විට අවසන් අදියරට ලගාවි ඇතැයි ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියයි. ඖෂධ වර්ග 27 මිල පහත දැමීමේ වැඩපිළිවෙල යටතේ එම විශ්ලේෂණය සිදුකෙරේ. රජය මේ වන විට ඖෂධ වර්ග 73 ක මිල නියාමනය කර තිබේ. පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධවලින් සියයට 95 ක් ම මිලදි ගන්නේ රජයයි. පිළකා ඖෂධ ටෙන්ඩර්ස් සඳහා ඉදිරිපත් කළහැකි උපරිම මිල රුපියල් අනුපන්දහසක් ලෙස සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබේ. ඖෂධ වර්ග 27 ක මිල පහත දැමිමේ ගැසට් නිවේදනය ද කඩිනමින් නිකුත් කරන බව සෞඛ්‍ය ඇමතිවරයා කියයි. ඉන් අනතුරුව පෞද්ගලික රෝහල් නියාමනය කිරිමේ ගැසට් නිවේදනය නිකුත් කිරීම අරමුණයි