අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත අද පෙරවරු 7.40 ට

Share Button

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත අද පෙරවරු 7.40 ට යෙදී තිබේ. නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත්ද පයට කොලොන්පත් ද තබා පලාවන් පැහැති වස්ත්‍රාභරයෙන් සැරසී කොහොඹපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කිරීම මැනවැයි නැකත් පත්‍රයේ සදහන් වෙයි. මෙවර හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කඵතර බෝඹුවල ශ්‍රීි සුබෝධිරාජාරාම මුලස්ථ මහා විහාරයේදී අද පෙරවරුවේ පැවැත්වේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ මැති ඇමතිවරු ද එම අවස්ථාවට එක් වෙති

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *