ප්‍රංශයේ නෝත්‍රදාම් දේවස්ථානයේ ගින්න සම්බන්ධයෙන් ලෝක නායකයන්ගේ ශෝකය පළ වෙයි

Share Button

ප්‍රංශයේ පැරිස් අගනුවර ඵෙතිහාසික නෝ්ත්‍රදාම් දේවස්ථානයේ හටගත් ගින්න සම්බන්ධයෙන් ලෝක නායකයන්ගේ ශෝකය පළ වෙයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් . රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් . බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ . ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මාකේල් යන මහත්ම මහත්මීහු ද ඒ අතර වෙති. ශුද්ධෝත්තම ප්‍රුන්සිස් පාප් වහන්සේ ප්‍රංශය හා ප්‍රංශ ජනතාව වෙනුවෙන් යාච්ඥා කරන බවත් .මේ අවස්ථාවේ ප්‍රංශය සමග සිටින බවත් සදහන් කර තිබේ. එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා ද සිද්ධිය සම්බන්ධයෙන් ශෝකය පළ කර ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ මෙම දේවස්ථානය නැවත ඉදිකිරීමේ මෙහෙයුමේ දී ශ්‍රීී ලංකාව ප්‍රංශ ජනතාවට ශක්තියක් වන බවයි. වසර 850 ක ඉතිහාසයකට උරුමකම් කියන මෙම දේවස්ථානය ලොව පුරා කිතුනු බැතිමතුන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වුවකි. පසුගිය සදුදා හටගත් ගින්නකින් දේවස්ථානයට දැඩි හානි සිදු විය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ ඇණ ගැසීමට පෙර උන්වහන්සේගේ හිස මත පැළඳවු කටු ඔටුන්න ඇතුඵ පෞරාණික වස්තු රැසක් එම දේවස්ථානයේ තැන්පත් කර තිබිණි. කෙසේ වෙතත් විදෙස් වාර්තාවල සදහන් වුයේ එම කටු ඔටුන්න නිරුපද්‍රිතව දේවස්ථාන ගොඩනැගිල්ලෙන් පිටතට ගැනීමට හැකිවු බවයි. ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුවී නැත. ගින්නට හේතුව ද මෙතෙක් අනාවරණ වි නැත. ඒ පිළිබඳව දැන් පරීක්ෂණ පැවැත්වේ.
====
ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆාතා අල්සිසි මහතාට 2030 දක්වා බලයේ රැඳී සිටීමට අවස්ථාව උදා වෙයි. ඒ සදහා වන යෝජනාවක් එරට පාර්ලිමේන්තුව අනුමත කර තිබෙ.් ඔහුගේ සිව් වසරක දෙවන ධුර කාලය 2022 දී අවසන් විමට නියමිතව තිබිණි. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව අනුමත කළ යෝජනාව දින 30 ක් තුල ජනමත විචාරණයකින් ද අනුමත විය යුතුය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *