සබරගමුව විශ්ව විද්‍යාලයට අංගසම්පුර්ණ වෛද්‍ය පීඨයක්

Share Button

සබරගමුව විශ්ව විද්‍යාලයට අනුයුක්තව අංගසම්පුර්ණ වෛද්‍ය පීඨයක් ස්ථාපිත කෙරේ. මේ සදහා සවුදි රියාල් දහනමකෝටියකට ආසන්න සහනදායි ණය මුදලක් සැපයිමට සෞදි අරාබි රජය එකගත්වය පලකොට ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ සිසුන්ට නවින පහසුකම් යටතේ අධ්‍යාපනය ලබාගැනිම සදහා පහසුකම් සැලසිමයි. එහිදි රසායනාගාර උපකරණ සහ වෙනත් අවශ්‍ය නවින උපකරණ සපයා දෙනු ලැබේ. මෙය ශ්‍රි ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පුලුල් කිරිම සදහා රජය ආරම්භ කොට ඇති ප්‍රධාන ව්‍යාපෘතියකි. සෞදි ණය සැපයිමේ ගිවිසුම පිලිබද සාකච්ඡා කිරිමට මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර් එච්ි එස් සමරතුංග මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් පසුගිය දා එරට චාරිකාවක නිරතවුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *