ශ්‍රි ලංකාවේ ආයෝජන අවස්ථා පුලුල් කරන බව ඇමරිකාව කියයි

Share Button

පසුගිය සතියේ මුදල් රාජ්‍ය ඇමති ඒරාන් වික්‍රමරත්න මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා නියෝජ්‍ය පිරිසක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සාකච්ඡාවලට ඇමරිකාවේ වොෂිංටන් නුවරදි සහභාගිවුහ. එම සංචාරයේදි ශ්‍රි ලංකා නියෝජිත පිරිස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ඉහල පෙලේ නිලධාරන් සමග සාකච්ඡා ගණනාවක් පැවැත්වුහ. මුලික අවධානය යොමුකෙරුණේ. මුල්‍ය හා මුල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ. ව්‍යාපෘති සදහා මුදල් සැපයිම. තිරසර ආර්ථික වර්ධනය සහ ස්ථායිතාව කෙරෙහිය. මෙහිදි රාජ්‍ය පෞද්ගලික සහභාගිත්ව. සංවර්ධන රාමුව සහ සුහුරු වාරි කෘෂිකර්මික ව්‍යාපෘති සදහා ද නියෝජිත පිරිස ලෝක බැංකුව සමග ගිවිසුම් වලට අත්සන් තැබුහ. එම නියෝජිත පිරිස ඇමරිකාවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිලිබද ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය සමග සාකච්ඡා පැවැත්වුහ. දෙරට අතර සබදතා මෙන්ම ක්ෂුද්‍ර සහ සාර්ව ආර්ථික මුලධර්ම ආර්ථික වර්ධනය පෙරටු කරගත් ආයෝජන අවස්ථා අවධානය යොමු කෙරෙනු ප්‍රධාන විෂයන් කිහිපයකි. එමෙන්ම කොළඹ ජාත්‍යන්තර මුල්‍ය නගරය ඇතුලු ශ්‍රි ලංකාවේ යටිතල පහසුකම් . වරායන් සහ වෙනත් ඉඩ ප්‍රස්ථා පවතින අංශවල ඇමරිකානු සමාගම් වලට ආයෝජනය කිරිමට ඇති ඉඩ ප්‍රස්ථා පිලිබදව ඔවුහු සාකච්ඡා කලහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *