තිරසර සංවර්ධනය සදහා වන න්‍යාය පත්‍රයේ අරමුණු සපුරාගැනිමට සාමුහික ක්‍රියාමාර්ග ගැනිමේ වැදගත්කම මුදල් අමාත්‍යවරයා නිව්යෝක් නුවරදි පෙන්වා දෙයි

Share Button

තිරසර සංංවර්ධනය සදහා 2020 – 2030 න්‍යාය පත්‍රයේ අරමුණු සපුරාගැනිම සදහා සාමුහික ක්‍රියාමාර්ග ගැනිීම මෙන්ම සංවර්ධන ආධාර විශාල වශයෙන් සපයා දිම බෙහෙවින් වැදගත් බව මුදල් ඇමති මංගල සමරවිර මහතා පවසයි. ඒ සදහා රාජ්‍ය හා පෞද්ගලික. සහ දේශිය හා අන්තර් ජාතික වශයෙන් ක්‍රියාමාර්ග සකස් කරගැනිම අභියෝගයක්ව පවති. ශ්‍රි ලංකාව සමාජිය සංවර්ධනය පිලිබදව දිර්ඝ ඉතිහාසයකට හිමිකම් කියයි. ශ්‍රි ලංකාව මැදි ආදායම්ලාභි සංවර්ධනය වන රටක් වුවත් නිදහස් සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරතිබේ. එහෙයින් ශ්‍රි ලංකාවේ සාමාජිය සංවර්ධන දර්ශක දියුණු රටවල එම දර්ශක වලට සමාන වන බව ඇමතිවරයා ප්‍රකාශ කලේ. ඇමරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතින්ගේ මුලස්ථානයේ පැවැති සංවර්ධනය සදහා මුදල් සැපයිම පිලිබද සංවාදයකදිය. එය සංවිධානය කරන ලද්දේ එක්සත් ජාතින්ගේ ආර්ථික හා සාමාජිය කවුන්සිලය විසිනි.
ශ්‍රි ලංකාව තිරසර සහ සමාන සංවර්ධන ක්‍රියාමාර්ග වලදි පවතින අභියෝග හා ඊට විසදුම් ගණනාවක් හදුනාගෙන ඇත. මේ වසර සදහා වන ජාතික අයවැයෙන් එම අභියෝග ජයගැනිම පිණිස යෝජනා රාශියක් ඉදිරිපත් කොට තිබේ. ආර්ථිකයේ කාන්තා සහභාගිත්වය වර්ධනය කිරිම ඉන් එකකි. පාසල් පද්ධතිය දියුණු කිරිම . සුහුරු පන්ති කාමර හදුන්වා දිම. සනිපාරක්ෂක පහසුකම් දියුණු කිරිම තවත් යෝජනාවකි. ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් රැකියා ලබාදිමට අදාල ආයතන දිරිගැන්විමේ ක්‍රමයක්ද හදුන්වා දි තිබේ. ශ්‍රි ලංකාව ස්වාභාවික ආපදා වලින් නිරතුරුව පීඩාවට පත්වන රටකි. කාලගුණ විපර්යාස සහ ඒහා ආශ්‍රිත ස්වාභාවික ආපදාවලින් සිදුවන බලපෑම් අවම කිරිමට ද අරමුදලක් පිහිටුවිමට යෝජිතය. මෙහිදි මුදල් සම්පාදනය බාධාවක් වි ඇත. එහෙයින් රාජ්‍ය සහ පෞද්ගලික සහභාගිත්වය මෙන්ම විවිධ පාර්ශවකරුවන්ගේ සහභාගිත්වය ගෝලිය වශයෙන් සලසා දිම එම අභියෝග ජයගැනිමට පිටිවහලක් වනු ඇතැයි ඇමතිවරයා කිවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *