මධ්‍යම කදුකරයට තද වැසි

Share Button

මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ ද තද වැසි ඇතිවූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කාසල්රී සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට මෙසේ තද වැසි ලැබී තිබේ. බගවන්තලාව. නෝර්වුඩ් . මස්කෙලිය. සහ හැටන් ප්‍රදේශවලටද ඊයේ පස්වරුවේ වැසි ලැබී තිබේ. පසුගිය දින දෙක තුලද එම ප්‍රදේශවලට වැසි ලැබිණ. අධික වැසි සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ජලයෙන් යටවිය. ඉන් ගමනාගමන කටයුතු සදහාද බාදා එල්ල වී තිබේ. කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ සහ මාවුස්සාකැලේ ජලාශයට ජලය ගලා බසිනා මස්කෙලිය ඔයේ ජල මට්ටම්ද ඉහල ගොස් ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *