අපනයන හා සේවා අංශය දියුණු කිරීම තුලින් රට සංවර්ධනය කිරීම රජයේ අරමුණ බව අගමැතිවරයා පවසයි

Share Button

අපනයන හා සේවා අංශය දියුණු කිරීම තුලින් රට සංවර්ධනය කිරිම වත්මන් රජයේ අරමුණ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. සැම නගරයක්ම සැලැස්මකට අනුව සංවර්ධනය කරන බව අගමැතිවරයා ප්‍රකාශ කලේ බොරලැස්ගමුව සංර්ධන කලාපයේ ඉදිකළ මෙරට ප්‍රථම කෙළිමඩල ළමා උද්‍යානය හා ඇවිදින මං තිීරුව විවෘත කිරීමේ අවස්ථාවට අද පස්වරුවේ එක්වෙමිනි.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මූළිකත්වයෙන් ශ්‍රි ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරිමේ සංස්ථාව වේරැස් ගග වැසි ජල අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් මෙය ඉදිකර තිබේ. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් ඉදිකළ මෙම ළමා උද්‍යානය හා ඇවිදින මංතීරුව හෙක්ටයාර 3 යි දශම 6 ක භූමියක් පුරා ව්‍යාප්තව තිබේ.

එම දරුවන්ගේ උපරිම ආරක්ෂාව සහ සුවපහසුව ඇතිවන පරිදි සාමාන්‍ය දරුවන් සමග සාමුහීක ක්‍රියාකාරම්කරම්වල යෙදිය හැකි ආකාරය එම ළමා උද්‍යානය ඉදිකර ඇත. ඇවිදින මංතීරුව කිලෝමිටරයකට වැඩි දිගින් යුක්ත වෙයි. එහි ආහාර පාන මිලදී ගතහැකි අලෙවි කුටි 19 ක් ද මෙම කෙළිමඩල උද්‍යානයේ ඉදිකර තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *