ඊයේ සිදුවු ආකාරයේ මිලේච්ඡ ක්‍රියා ඉදිරියේදි සිදුවිමට ඉඩ නොතබන බවට ජනාධිපතිතුමා අගරදගුරු හිමිපානන් හමුවේ සහතික වෙයි.

Share Button

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් බැහැදකී. අද දහවල් කොළඹ අගරදගුරු නිල නිවස වෙත ගිය ජනාධිපතිතුමා උන්වහන්සේ බැහැදුටුවේය. පාස්කු ඉරිදා ආගමික වතාවත්වල නිරතව සිටියදී කිතුණු බැතිමතුනට මුහුණදිමට සිදුවු ඛේදජනක සිද්ධිය පිළිබඳව ජනාධිපතිතුමා එහිදි අගරදගුරු හිමිපානන්ට සිය කනගාටුව හා සංවේගය පලකලේය.

ගෙන ඇති ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද එතුමා උන්වහන්සේ දැනුවත් කලේය. මින් ඉදිරියට රට තුල මෙවැනි සිදුවීම්වලට කිසිසේත් ඉඩ නොතබා ගතහැකි සෑම ක්‍රියාමර්ගයක්ම ගන්නා බවට ජනාධිපතිතුමා එහිදි සහතික විය. අගරදගුරු හිමිපානන් ප්‍රමුඛ සියලු පුජකවරුන් දේවස්ථානවලට ආරක්ෂාව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක එම ආරක්ෂාව ලබා දෙන්නැයි ආරක්ෂක අංශවලට උපදෙස් දි ඇතැයි ද ජනාධිපතිතුමා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *