බෝම්බ ප්‍රහාර මාලාවෙන් මියගිය සංඛ්‍යාව 359 ක් දක්වා ඉහලට

Share Button

කොළඹ ඇතුඵ ස්ථාන කිහිපයක සිදුවු බෝම්බ පිපිරීමෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහල ගොස් තිබේ. අද උදැසන වනවිට එම සංඛ්‍යාව 359 ක් දක්වා ඉහල ගොස් ඇති බව පොලිසිය සදහන් කරයි.

මෙම ප්‍රහාරවලදී මෙරට සහ වෙනත් රටවල කුඩා දරුවන් 45 දෙනෙකු මිය ගොස් ඇතැයි යුනිසෙප් සංවිධානය සදහන් කරයි. එහිදී විපතටපත් සියලු දෙනාට එම ආයතනය කනගාටුව පළකරයි.

මීට අමතරව තවත් දරුවෝ රැසක් තුවාල ලබා සිටිති. ඇතැම් අයගේ තත්ත්වය බරපතලය. මෙම මිලේච්ඡ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් කම්පනයට පත් පිරිස ද විශාල බව එම ආයතනය සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *