ධිවර යාත්‍රා සම්බන්ධයෙන් විශේෂ අවධානයක්

Share Button

මෙරට ඇතැම් ධිවර යාත්‍රා නිති විරෝධිව පුද්ගලයන් වෙනත් රටවලට රැගෙන ගොස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සිදුකරන බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කර ඇතැයි ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ සහකාර අධ්‍යක්ෂ ආර් ජි. පී.කේ. රත්නායක මහතා පවසයි.

රටකට මසුන් ඇල්ලිමට අවකාශ ඇත්තේ නාවුක සැතපුම් 200 ක මුහුදු කලාපයක පමණක් වන අතර ශ්‍රි ලංකාව ධිවර දිස්ත්‍රික්ක 15 කට බෙදා තිබේ.

ඒ සදහා පත් කර ඇති නිලධාරින් සතියකට වරක් ධිවර ප්‍රජාව හමුවන බව ඒ මහතා කිවේය. ජාතික ගුවන්විදුලියේ සුභාරති සංවාද මණ්ඩපයට එක්වෙමින් ඔහු තවදුරටත් කියා සිටියේ නිති විරෝධිව සංක්‍රමණිකයන් රැගෙන යන ධිවර යාත්‍රා සම්බන්ධයෙන් දැඩි නිතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුමනා එදිරිවිර මහත්මිය පැවසුවේ බලපත්‍ර නොමැති යාත්‍රා ජාත්‍යන්තර මුහුද සිමාවට ගොස් මසුන් ඇල්ලිම බලවත් වරදක් බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11