පසුගිය වසරේදී සියයට 3 යි දශම 2 ක ආර්ථික වර්ධනයක්

Share Button

උද්ධමනය අඩු මට්ටමක පැවති වාතාවරණයක් තුල මුර්ත ආර්ථික කටයුතුවල සාමාන්‍ය ව්‍යාප්තියත් සමග 2018 වසරේදී ශ්‍රි ලංකාවේ ආර්ථිකය ගෝලීය සහ දේශීය කැළඹීම්වලට වැඩියෙන් ගොදුවු බවක් පෙන්නුම් කරන බව ශ්‍රි ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

ඒ බව සඳහන් වන්නේ අද මුදල් ඇමති මංගල සමරවිර මහතා වෙත මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් භාරදෙන ලද 2018 වසර සඳහා වන ශ්‍රි ලංකා මහ බැංකු වාර්තාවෙහිය. එම වාර්තාවට අනුව පසුගිය වසරේ දළ දේශිය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 3 යි දශම 2 කි. පෙර වසරේ එය 3 යි දශම 4 ක් විය.

පසුගිය වසරේ වර්ධනයට විශාල වශයෙන් ආධාර වුයේ සේවා අංශයේ කටයුතුය. එමෙන්ම කෘෂිකාර්මික කටයුතු යථා තත්ත්වයට පත්විමත් සමග සියයට 4 යි දශම 8 ක වර්ධනයක් එම අංශයේ ඇතිවිය. එහෙත් එම වසරේදි කාර්මික අංශයේ කටයුතුවල වර්ධනය සියයට 0 යි දශම 9 ක් දක්වා විශාල වශයෙන් මන්දගාමීවිමක් පෙන්නුම් කරයි.

ඊට ප්‍රධාන වශයෙන් හේතු වුයේ ඉදිකිරීම්වල සංකෝචනයකි. දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ආයෝජන 2018 වසරේදි 28 යි දශම 6 ක් විය. ශ්‍රී ලංකා ආර්ථිකයේ මුඑ විශාලත්වය අමෙරිකානු ඩොලර් බිලියන 88 යි දශම 9 ක් ලෙස ගනන් බලා තිබේ. ඒකපුද්ගල දළදේශිය නිෂ්පාදිතය අමෙරිකානු ඩොලර් 4102 කි.

එමෙන්ම ආර්ථික කටයුතුවල සාමාන්‍ය වර්ධනය මධ්‍යයේ විරැකියා අනුපාතයේ සුඑ වැඩිවිමක් සහ ශ්‍රම බලකායේ සහභාගිත්ව අනුපාතයේ අඩුවිමක් 2018 වසරේදී නිරීක්ෂණය වු බව එම වාර්තාවේ සඳහන් වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *