පාසල්වල ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා විශේෂ චක්‍රලේඛයක්

Share Button

පාසල්වල ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරේ. ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශයේ ලෙක්ම්වරයා මෙය නිකුත් කර ඇත. ඒ අනුව පාසල් ප්‍රජාව දැනුවත් කිරීම. ආරක්ෂක කමිටු පිහිටුවිම සහ ආරක්ෂාව සඳහා අනුගමනය කළයුතු වැඩපිලිවෙල සම්බන්ධයෙන් කරුණු මෙම චක්‍රලේඛයට ඇතුලත්කර ඇත.

පාසල් ප්‍රජාව දැනුවත් කිරීම යටතේ සිසුන් හා කාර්යය මණ්ඩලයේ සුරක්ෂිතතාව. අවදානම් තත්ත්ව හඳුනාගැනිම හා වලක්වා ගැනිම සඳහා සියලු කාර්යය මණ්ඩලය සිසුන් දෙමාපියන් හා ආදි සිසුන් ඇතුලු පාසල් ප්‍රජාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස මෙමගින් දැනුම්දි ඇත. මීට අමතරව පාසල් තුල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විදුහල්පති ආචාර්ය මණ්ඩලය. දෙමාපියන් සහ ආදි ශිෂ්‍ය සමිතිවල සහභාගිත්වයෙන් ආරක්ෂක කමිටු හා අනුකමිටු පිහිටුවා ගැනිම ඇතුඑ කරුණු 18 ක් මෙම චක්‍රලේඛයට ඇතුලත් වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11