වයස අවුරුදු පහට අඩු දරුවන්ට රූපවාහිනිය නැරඹීම සදහා දිනකට ලබාදිය යුතු කාලය පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්.
වයස අවුරුදු පහට අඩු දරුවන්ට රූපවාහිනිය නැරඹීම සදහා දිනකට ලබාදිය යුතු කාලය පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රථම වරට උපදෙස් මාලාවක් නිකුත් කරයි. මෙම වයස් සීමාවේ පසුවන දරුවන්ට දිනකට පැයකට වඩා වැඩි කාලයක් රූපවාහිනිය නැරඹීම සදහා අවස්ථාව නොදිය යුතු බව එම සංවිධානය සදහන් කරයි.
එම කාලය තවත් අඩු වන්නේනම් එය ඉතා උචිත වනු ඇත. එම සංවිධානය පෙන්වා දෙන්නේ වයස අවුරුදු එකට අඩු දරුවන්ට රූපවාහිනිය නැරඹීමට ඉඩ නොදිය යුතු බවයි. කෙසේවෙතත් වැඩි වේලාවක් රූපවාහිනිය නැරඹීමෙන් සිදුවිය හැකි හානිය පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂ තොරතුරු හෙළි කර නැත. එහෙත් කිසිදු ව්යායාමකින් තොරව රූපවාහිනිය ඉදිරිපිට වාඩි වී සිටිීමෙන් වන හානි වලක්වා ගැනීමට මෙම උපදෙස් වැදගත් වනු ඇතැයි එම සංවිධානය සදහන් කරයි.