පාස්කු ප්‍රහාරයෙන් පසු මෙරට ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය කථානායකවරයාගේ ඇගයීමට.

Share Button

පාස්කු ප්‍රහාරයෙන් පසු මෙරට ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය කථානායක කරූ ජයසුරිය මහතාගේ ඇගයීමට ලක් වෙයි.

කිසිදු ජීවිත හානියකින් තොරව ත්‍රස්තවාදීන් සාර්ථක ලෙස මැඩපැවැත්වීමට හමුදාවට හැකිවු බව කථානායකවරයා පෙන්වා දෙයි.

එය ආරක්ෂක අංශ ලබා ගත් සාර්ථක ජයග්‍රහණයක් බව හෙතෙම කියයි.  අන්තවාදය හා ත්‍රස්තවාදය පිටුදැකීමේදී මෙරට සියලු ජනකොටස් ලබා ගෙන ඇති පරිණත භාවය තුලින් ඒ සදහා කැපවීමේ ජීව ගුණය පෙන්නුම් කරන බව කථානායකවරයා සදහන් කරයි.

කථානායකවරයාගේ මෙම ප්‍රකාශයට මුස්ලිම් තරුණයන් ඇතුඵ පුද්ගලයන් රැසකගේ ප්‍රසාදය පළවී ඇත.  ඔවුන් සිය ට්විටර් ගිණුම් මගින් මේ බව සදහන් කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *