මාතරදී මංකොල්ලයක්
මාතර නගරයේ පිහිටි රන් භාණ්ඩ වෙළෙඳසලක් මංකොල්ලකෑමට පැමිණි 6 දෙනකුගෙන් යුතු කල්ලියක් හා පොලීස් නිලධාරීන් පිරිසක් අතර ඇති වු වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරීන් තිදෙනකු හා සිවිල් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පැවසේ.
වෙඩි හුවමාරුවේදී මංකොල්ලකරුවන් පළා ගොස් තිබේ. පළා ගිය සැකකරුවන් සොයා පොලිසිය විශේෂ මෙහෙයුමක් ක්රියාත්මක කර ඇත. තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකුගේ තත්ත්වය බරපතළ බව පොලීසිය පවසයි.