තව්හිත් සමාද් සංවිධානයේ නායකයාගේ මාධ්‍ය ලේකම් පැය 72 ක් රදවාගෙන ප්‍රශ්න කෙරේ

Share Button

මැදවච්චිය තල්ගස්වැව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තව්හිත් ජමාද් සංවිධානයේ මෙරට නායකයාගේ මාධ්‍ය ලේකම්වරයා යැයි කියන සැකකරු පැය 72 ක කාලයක් රදවා තබාගෙන ප්‍රශ්න කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසාවිනිසුරු ජානක ප්‍රසන්න සමරසිංහ මහතා මැදවච්චිය පොලීසියට නියෝග කලේය. මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ද මැදවච්චිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝගකරනු ලැබීය. මැදවච්චිය තල්ගස්වැව පදිංචි අබ්දුල් ලතීෆ් මොහොමඩ් නමැත්තා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු තව්හිත් ජමාද් සංවිධානයේ කාත්තන්කුඩි ප්‍රදේශයේ සංවිධායකවරයා ලෙස ද කලක් කටයුතු කර ඇත.
යුද හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් කට්ටල 600 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විමර්ශන පුඵල් කෙරේ. කුරුණෑගල මල්ලවපිටිය ගම්මාන කිහිපයක කළ සෝදිසි මෙහෙයුමක ද ීඑම ඇඳුම් තොගය සොයා ගැනිණ. පාස්කු ඉරිදා එල්ල වු ප්‍රහාරවලට අදාලව අවශ්‍ය කර තිබු ලොරි රථයක් පොලිස් භාරයට ගෙන තිබේ. ඊ පී බි එක්ස් 2399 අංක දරණ එම ලොරි රථය පොළොන්නරුව සුංගාවිල ප්‍රදේශයේදී සැකකරුවන් තිදෙනෙකු සමග අද උදෑසන අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි.
පුත්තලම මන්නාරම මාර්ගයේ පිහිටි විලුක වැව් බැම්ම මත තිබී ගිනි අවි කිහිපයක් සහ ජීව පතුරම් 27 ක් සොයා ගැනීමට පුත්තලම පොලිසිය සමත් වු බව අප වාර්තාකරු පවසයි. කඩු 3 ක් සහ මන්නා පිහියක් සමග කෝට්ටේ නාගරික මන්ත්‍රීවරයෙකුද අත්අඩංගුවට ගෙන තිබේ. විදුලි බලාගාර හා ඒ ආශ්‍රිත සියලුම අංශයන්ට ලබාදිතිබු ආරක්ෂාව තවදුරටත් සහතික කිරීමට ක්‍රියාකර තිබේ. මේ යටතේ විදුලිබලාගාර. ඒ ආශ්‍රිත ජලාශ. සම්ප්‍රේෂණ මාර්ග පද්ධති පාලන මධ්‍යස්ථාන. ග්‍රිඩ් උප පලවල් සඳහා ආරක්ෂාව තර කෙරේ. ඊට අමතරව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රාදේශිය විදුලි ඉංජිනේරු කාර්යාල. ප්‍රාදේශිය විදුලි ඩිපෝ වලද ආරක්ෂාව තර කෙරේ.
සයින්දමරුදු ප්‍රදේශයේ සිදුවු බෝම්බ පිපිරිීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන වෑන් රථය කැකිරාව පොලිීසිය සොයාගෙන තිබේ. ඉහළ පුලියන්කුලම ප්‍රදේශයේ නිවසක සගවා තිබියදී එය හමුවී ඇත. වෑන් රථයේ අයිතිකරු අත්අඩංගුවට ගත් බව වැඩ බලන පොලිස්ථානාධිපති කිර්ති අබේරත්න මහතා ගුවන් විදුලියට පැවසිය. කල්මුනේ පොලීසියෙන් ලබාදුන් තොරතුරකට අනුව වෑන් රථය සොයාගෙන ඇති අතර එය අදාල පරික්ෂණ කණ්ඩායම්වලට භාරදිමට කටයුතු කරන බව ද ඔහු පැවසීය. විශේෂ කාර්යය බලකාය සහ පොලීසිය එම වෑන් රථය විශේෂ පරික්ෂාවකට ද ලක්කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *