රට තුළ ආගමික සංහිඳියාව ඇති කිරීමේ වැදගත්කම ආගමික නායකයන් අවධාරණය කරයි

Share Button

රට තුළ ආගමික සංහිඳියාව ඇති කිරීමට ප්‍රායෝගිකව කටයුතු කිරීමේ වැදගත්කම මේ මොහොතේ ඉස්මතු වන බව ජපානයේ ප්‍රධාන සංඝනායක . ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති පුජ්‍ය බානගල උපතිස්ස ස්වාමින් වහන්සේ පවසති.

කොළඹ අගරදගුරු නිල නිවසේ ඊයේ පැවති සත්‍යේක්ෂණය වැඩසටහනට එක් වෙමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ තරගකාරිත්වය පසෙකලා යහපත් ජන සමාජයක් ගොඩ නැගීමට කටයුතු කිරීම වැදගත් බවයි.

ගැටුම්වලින් තොරව සමගිය රජය ජන සමාජයක් රට තුල ගොඩනැගීම සදහා කුමන ආගමක් ඇදහුවද රටට ආදරය කරන අනාගත දරු පරපුරක් බිහි කිරීමෙහි ඇති වැදගත්කම මෙම අවස්ථාවට එක්වු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සදහන් කළහ.

සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමයේ සහකාර ලේකම් මව්ලවි මුර්ෂිඩ් මුලාෆර් මෙහිදී පෙන්වා දුන්නේ ආගමක් පදනම් කර ගනිමින් ත්‍රස්තවාදය රට තුළ ඇති කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

සියලු භාෂාවන්ගෙන් පෝෂණය වු ජන සමාජයකින් ගැටුම් අවම කරගත හැකි බව බම්බලපිටිය කදිරේෂන් කෝවිලේ ස්වාමි බ්‍රහ්ම ශ්‍රී සුබ්‍රමනියම් සිවරාමක්‍රිෂ්ණන් කුරුක්කල්තුමා පැවසීය.

සත්‍යේක්ෂණය සම්පුර්ණ වැඩසටහන මේ මස 4 වැනිදා පස්වරු 4.00 ට සිටි එෆ් එම් සේවය ඔස්සේ ද මැයි 5 වැනිදා පෙරවරු 10.00 ට සිංහල ස්වදේශීය සේවය ඔස්සේ ද විකාශය කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *