සමානාත්මතාව,සහෝදරත්වය හා ස්වාධීනත්වය යන පරමාදර්ශයන් කම්කරු ශ්‍රමයේ සැබෑ අරුත තුළ ගැබ්වී ඇතැයි අගමැති පෙන්වා දෙයි

Share Button

මේ අතර මැයි දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කම්කරු ශ්‍රමයේ සැබෑ අරුත සමානාත්මතාව . සහෝදරත්වය . ස්වාධීනත්වය යන පරමාදර්ශයන් තුළ ගැබ්වි ඇති බව සදහන් කරයි.

ගොවි බිමේ . කම්හලේ . නව තාක්ෂණයෙන් පිරිපුන් රැකියා ස්ථානයේ ආදි කොතැනක සේවය කළද ජාතිවාදය හෝ ආගම්වාදය පසෙකලා මනුෂ්‍යත්වයට ගරු කිරීමට අපි බැඳි සිටීමු. පුද්ගලයන් වශයෙන් මෙන්ම සමස්ත සමාජයක් වශයෙන් මව්බිමේ සමාජ . ආර්ථික සංවර්ධනයට දායක විය හැක්කේ එවිටය.

මෙතෙක් අප විසින් අත්පත් කර ගනු ලැබු ප්‍රගතිය අන්තවාදී බලවේග මගින් අඩාල කර දැමීමට ඉඩ නොතබා අපි අවදි මනසින් කටයුතු කරමු යැයි සදහන් කරන වික්‍රමසිංහ මහතා අප හමුවේ ඇති සමාජ . ආර්ථික සහ දේශපාලනික අභියෝග ජය ගැනීමට එක්සත්ව දැඩි වීර්යයෙන් නැගී සිටීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *