ත්‍රස්තවාදය පරාජය කිරීිමට මෙරට ආරක්ෂක අංශවලට හැකියාව පවතින බවට විපක්ෂ නායකවරයාගෙන් ප්‍රකාශයක්

Share Button

ත්‍රස්තවාදය පැරදවිීමට මෙරට බුද්ධි අංශ හා ආරක්ෂක අංශ පිලිබදව විශ්වාසය තබා කටයුතු කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. රටේ සම්පත් අනාගත පරපුර වෙනුවෙන් රැකගැනිම අත්‍යාවශ්‍ය බවද ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින සැමරුමට කෝට්ටේ නගර ශාලාවේදි අද එක්වෙමින් හෙතෙම පැවසීය. 30 වසරක එල් ටි ටි ඊ ත්‍රස්තවාදය පරාජය කිරිමට හැකිවුයේ. මෙරට ආරක්ෂක අංශවල කැපවීම හේතුවෙනි.

කුමන බාධක මැද වුවද මැයි දිනය සැමරීමේ අයිතියක් වමේ පක්ෂ සතුව පවතින බව ඔහු කිවේය. මෙරට ආර්ථිකයේ ශක්තිය කම්කරුවා බව මැයි දින සැමරුමට එක්වු මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා පැවසිීය. ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රිී විමල් විරවංශ මහතා පැවසුවේ. ත්‍රස්තවාදය පරාජය කිරිමේ අභියෝගය සියලුදෙනා එක්ව ජයගත යුතු බවයි. ජාතීන් අතර සුහදත්වය වර්ධනය කිරීිමට කටයුතු කල යුතු බවද ඔහු කිවේය. මෙහිදි අදහස් දැක්වු ප්‍රජාතන්තවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ. නිෂ්පාදනයේදි වැඩකරන ජනතාවට හිමිවන ප්‍රතිලාභ රැකගැනිමට කටයුතු කළ යුතු බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *