වන සත්ව සහ වෘක්ෂ ලතා පිළිබඳ සමුඵව කල් යයි

Share Button

මෙම මස 23 වැනි දා සිට ජූනි 3 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සැලසුම්කර තිබූ වඳවීයාමේ තර්ජනයට පත්ව ඇති වන සත්ව සහ වෘක්ෂ ලතාවලට අදාළ අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ සම්මුතියේ පාර්ශවකරුවන්ගේ 18 වැනි රැස්වීම දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.

රටවල් 183 කින් 3000 කට අධික විදේශීය නියෝජිතයින් සහ ජනමාධ්‍යවේදීන් ඊට සහභාගි වීමට නියමිතව තිබුණි. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර තිබූ විශාලතම ජාත්‍යන්තර සමුඵවයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ජිනීවාහි පිහිටි වන සත්ව සහ වෘක්ෂ ලතාවලට අදාළ අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ කාර්යාලයෙන් කළ ඉල්ලීමක් අනුව මෙම තීරණය ගෙන ඇතැයි එහි අධ්‍යක්ෂ ජෙනරාල් සෙඩ්රික් ට්‍රෙවින් ගෝමස් මහතා ප්‍රකාශ කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *