ත්‍රස්ත ප්‍රහාරය හමුවේ ශ්‍රි ලාංකික ජනතාව සමග සෑමවිටම එක්ව කටයුතු කරන බව වෙළෙඳාම සහ සංවර්ධනය සදහා වන එක්සත් ජාතින්ගේ සමුඵ්වේ නියෝජ්‍ය මහ ලේකම්වරිය කියයි

Share Button

වෙළෙඳාම සහ සංවර්ධනය සදහා වන එක්සත් ජාතින්ගේ සමුඵවේ බහුවාර්ෂික විද්වත් රැස්විම ජිනිවා හිදි ඉකුත් දින දෙක තුළ පැවැත්විණ. ජිනිවා හි එක්සත් ජාතින්ගේ ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ අසිස් මහතාගේ සභාපතිත්වයෙන් පැවති එම රැස්විමේදි සංවර්ධනය සදහා වන වැදගත් ක්ෂේත්‍ර රැසක් පිළිබඳව අවධානය යොමු විය. සේවා අංශයේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරිම තුලින් ඉහළ සංවර්ධනයක් අත් කරගැනිම කෙරෙහි ද සාකච්ඡා කෙරිණි.

ශ්‍රි ලංකාවට පසුගිය පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මෙම රැස්විමට සහභාගි වු එක්සත් ජාතින්ගේ නිලධාරින්ගේ විද්වතුන්ගේ සහ නියෝජිතයන්ගේ හෙලා දැකිමට ලක්වුහ. ශ්‍රි ලංකාවේ ජනතාව වෙනුවෙන් ශෝකය පළ කළ ඔව්හු සෑම අවස්ථාවකදීම ශ්‍රි ලංකාවට සහාය දිමට සූදානම් බව ප්‍රකාශ කළහ.

මෙම රැස්විමේ සමාරම්භක සැසියට එක් වූ වෙළෙඳාම සහ සංවර්ධනය සදහා වන එක්සත් ජාතින්ගේ සමුඵ්වේ නියෝජ්‍ය මහ ලේකම් ඉසබෙලේ ඩුරන් මහත්මිය පෙන්වා දුන්නේ මෙම ත්‍රස්ත ප්‍රහාරය හමුවේ ශ්‍රි ලාංකික ජනතාව සමග සෑමවිටම එක්ව කටයුතු කරන බවය.ි ප්‍රහාරයෙන් පසු පසුබෑමකට ලක් වූ ශ්‍රි ලංකාවේ වෙළෙඳ .ආර්ථික හා සංචාරක ක්ෂේත්‍රය යලි නගා සිටුවිම සදහා සහාය ලබාදෙන බව ද ඇය පැවසුවාය. මෙහිදි අදහස් දැක් වූ එක්සත් ජාතින්ගේ ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ. අසීස් මහතා සදහන් කළේ ත්‍රස්තවාදය පරාජය කිරිමට සහ ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැගිමට ශ්‍රි ලංකා රජය ජනතාව සමග එක්ව කටයුතු කරන බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11