මුහුදු ප්‍රදේශ කිහිපයක ධීවර කටයුතු සදහා පනවා තිබු තහනම ඉවත් කිරීමේ සුදානමක්

Share Button

ෆොනි සුළි කුණාටුව දිවයිනෙන් බැහැරට ගමන් කර ඇති බැවින් ධීවර කටයුතු සදහා පනවා තිබු තහනම ඉවත් කළහැකි බව ධීවර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ පද්මප්‍රිය තිසේරා මහතා කියයි. ඒ අනුව අද පස්වරු 2.00 න් පසුව ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරතවීමට අවසර දිය හැකි බව ඔහු සදහන් කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා ධීවර දෙපාර්තමේන්තුව එක්ව සාකච්ඡා කර ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇත. ඊට අදාළ නිවේදනය ධීවර අධ්‍යක්‍ෂ ජනරාල් ප්‍රසන්න ගිණිගේ මහතා නිකුත් කරනු ඇතැයිද තිසේරා මහතා ජාතික ගුවන් විදුලියට පැවසීය. ත්‍රිකුණාමලය. හම්බන්තොට. පුත්තලම හා යාපනය ප්‍රදේශවලින් මුහුදුයාම පසුගිය දින කිහිපයේ අත්හිටුවා තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *