ත්‍රස්ත අභියෝගය ශ්‍රි ලංකාවෙන් මුලිනුපුටා දැමීමට ජනපතිවරයාට ශක්තිය ඇතැයි බ්‍රිතාන්‍යයෙන් ප්‍රකාශයක්

Share Button

ත්‍රස්ත අභියෝගය ශ්‍රි ලංකාවෙන් මුලිනුපුටා දැමිමට ජනපතිවරයාට හැකියාව ඇතැයි බ්‍රිතාන්‍ය රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය බෙන් වොලස් මහතා පවසයි. ගෝලිය ත්‍රස්වාදයට එරෙහි සටනේදී දේශපාලන නායකත්වය වැදගත් බව හෙතෙම ප්‍රකාශ කලේ අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවු අවස්ථාවේදීය.

ඉස්ලාමිය ත්‍රස්වාදීන් සෑම ප්‍රහාරයක් සඳහාම වෙන් වෙන් උපක්‍රම භාවිත කරන බැවින් එවැනි සංවිධාන පරාජය කිරීමට වෙනත් රටවල් සමග ඔස්තු සේවා සහ රහස් හුවමාරු කරගැනීම වැදගත් බවයි. ත්‍රස්ත අභියෝගය හමුවේ ජනාධිපතිතුමා ගත් පියවර මෙහිදී ඔහුගේ ප්‍රසාදයට ලක්විය.

ත්‍රස්ත ප්‍රහාර සහ අවදානම හඳුනාගැනිම පිණිස බ්‍රිතාන්‍ය රජය සිදුකළ පරිදි සියලු දේශීය බුද්ධි අංශවල තොරතුරු එක්රැස්කිරිමේ විමර්ශන කේන්ද්‍රයක් පිහිටවිය යුතු බව ද බ්‍රිතාන්‍ය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කලේය. ඒ සඳහා ශ්‍රි ලංකාවට සහාය ලබාදීමට සුදානම් බව හෙතෙම අවධාරණය කලේය.

දෙවන එළිසබෙත් මහ රැජින හා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය ඇතුඑ ප්‍රධානීන් එවු ශෝක පණිවිඩය පිළිබඳ හා විමර්ශන කටයුතුවලට සහාය දිමට බුද්ධි අංශ කණ්ඩායමක් එවිම ඇතුඑ බ්‍රිතාන්‍ය රජය මෙම අවස්ථාවේදි දැක්වු සහාය පිළිබඳ ජනාධිපතිතුමා එහිදි සිය ස්තූතිය පලකලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *