තවුහිත් ජමාත් අන්තවාදීන්ට අරමුදල් සැපයූ ඉහල පෙලේ දේශීය ව්‍යාපාරිකයින් සොයා බුද්ධි අංශ මෙහෙයුම් අරඹයි

Share Button

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සිදුකළ ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයූ මෙරට ව්‍යාපාරිකයින් හදුනා ගැනීමට බුද්ධි අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කරයි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවද අන්තවාදීන්ට අරමුදල් සපයන මෙරට කිහිප දෙනෙකු හදුනාගෙන ඇත. ඒ අය අතර දෙමටගොඩ මහවිල උද්‍යානයේ විසූ කෝටිපති ව්‍යාපාරික ඊබ්‍රහීම් පවුලද කුලියාපිටියේ රන් භාණ්ඩ ව්‍යාපාරයේ නිරතවූවන් බවට තොරතුරු හෙලිව තිබේ. එම පවුලේ දෙදෙනෙකු මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවේ. මෙම අන්තවාදීන්ට ජාත්‍යන්තර වශයෙන්ද අරමුදල් විශාල වශයෙන් ලැබී ඇතැයි හෙලිව තිබේ. වැඩිම මුදලක් එසේ ලැබී ඇත්තේ තුර්කියෙනි. රාජ්‍ය නොවන සංවිධාන එම මුදල් සපයා ඇති බවට තොරතුරු වාර්තා වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *