පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ආරක්ෂක අංශ විමර්ශන තව දුරටත්

Share Button

පාස්කු ඉරුදින ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ ආරක්ෂක අංශ විමර්ශන තව දුරටත් ක්‍රියාත්මකයි. කොළඹට ඇතුලුවන පාලම් පුපුරුවා හැරිමේ සැලැස්මක් සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය තුල ප්‍රචාරය වු ලිපිය පිලිබදව ද විශේෂ අවධානය යොමුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

ජාතික තවුහිද් ජමාත් ත්‍රස්තවාදි සංවිධානයේ ප්‍රධාන ත්‍රස්තවාදියා ලෙස සැලකෙන මොහොමඩ් සහරාන් හෂිම් මිය ගිය බව තහවුරු කරගැනිම සදහා ඩි එන් ඒ පරික්ෂණයක් සිදු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මේ අතර මීගමුව පොලිස් බල ප්‍රදේශය සඳහා බල පැවැත්වෙන පරිදි ඊයේ පස්වරුවේ පනවන ලද පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 07.00 ට අවසන් වෙයි.

ආරක්ෂක අංශ මෙහෙයුම්වලට මුස්ලිම් ජනතාවගේ පුර්ණ සහය හිමිවන බව අමාත්‍ය රවුෆ් හකිම් මහතා පවසයි. ත්‍රස්තවාදය මැඩලීම සදහා ආරක්ෂක අංශ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බව අරලියගහ මන්දිරයේ ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගිවෙමින් හෙතෙම පැවසීය.

මතුව ඇති ත්‍රස්තවාදි අවධානම නුදුරු දිනවලදී මුලිනුපුටා දැමිමට හැකි වනු ඇති බවට අමාත්‍යවරයා විශ්වාසයද පළ කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11