ජාතික වෙසක් සතිය

Share Button

ජාතික වෙසක් සතියට සමගාමිව පාසල් සිසුන්ගේ සහභාගිත්වයෙන් වෙසක් සතිය සැමරිමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කරයි. මෙහිදි ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන වඩාත් සුදුසු ආකාරයට වෙසක් සතිය සැමරිමට අවශ්‍ය උපදෙස් විදුහල්පතිවරුන්ට යොමු කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ආගමික සහ සාරධර්ම අධ්‍යක්ෂ එස් බි එම් නිමල් ධර්මසිරි මහතා පවසයි.

වෙසක් සතිය පිලිබද උපදෙස් ඇතුලත් චක්‍රලේඛයක් අප්‍රෙල් මස 21 වැනිදාට පෙර විදුහල්පතිවරුන් වෙත යොමු කෙරිණ. එහෙත් රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සිසුන් වැඩි වශයෙන් ඒකාරාශි නොකර අවශ්‍ය ආකාරයට පමණක් වැඩසටහන් සංවිධානය කිරිම පිලිබද නව උපදෙස් හෙට විදුහල්පතිවරුන්ට ලබාදිමට නියමිතයි. මැයි 15 සිට 23 වැනිදා දක්වා ජාතික වෙසක් සතිය රජය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *