නුවර වැවේ ගොඩ වාන් ඇල වල් වැදීම හේතුවෙන් ජනතාවට විවිධ භාදා

Share Button

අනුරාධපුර, නුවර වැවේ ගොඩ වාන් ඇල මේ වන විට වල වැදී බොහෝ කලක් ගත වී ඇත.

මේ වාන් ඇලේ ජලය එක් රැස් විම නිසා එහි ජලය පල් විමෙන් සහ මදුරුවන් බෝ විමෙන් ජනතාව විවිධ කරදර වලට මුහුණ පෑමට සිදුව තිබේ.
මේ දිනවල මාතලේ හන්දිය අසල පිහිටා ඇති ආරක්ෂක මුරපොල සම්බන්ධ වන්නේ ද මෙම ස්ථානය හරහායි.

එමෙන්ම වාන් ඇල ගලා යන මාර්ගය දෙපස කැලෑව වැවීම නිසා මේ දිනවල සිදු කරන ආරක්ෂක කටයුතු වලට පවා අනතුරුදායක තත්වයක් පවතින බව ජනතාව ප්‍රකාශ කරති.

ඇල දෙපස සුද්ද පවිත්‍ර කර එහි ජලය ගලා ගෙන යාමට අවශ්‍ය සුදුසු පරිසරයක් සකස් කර දෙන ලෙස ජනතාව අදාළ බලධාරීන් ගෙන් ඉල්ලා සිටිති.

අනුරාධපුර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කලාප අධ්‍යක්ෂතුමනි,මේ ඔබගේ අවධානය පිණිසයි.

අනුරාධපුර වාර්තාකරු : චන්ද්‍රදාස මලවරආරච්චි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *