මහනුවර මහා රෝහලේ ගැටලු රැසක්

Share Button

මහනුවර මහා රෝහලේ අධි ශ්‍රේණියේ උසස් විම් ලබා ඇති හෙද කාර්ය මණ්ඩලයේ වැටුප් වැඩි විම් හා හිග වැටුප් වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වෙමින් පවතින බව එම හෙද නිලධාරීහූ පෙන්වා දෙති.

මෙම නිළධාරීන්ට නියමිත උසස් විම් ද වසර ගණනාවක්‌ ප්‍රමාද වී ලබා දී ඇති අතර එයට අදාල ලිපි නිකුත් කිරිම ද ඉතාමත් ප්‍රමාද වී තිබේ.

2011 වසරේ දී උසස් විම් ලැබූ හෙද නිළධාරින් ට අදාල උසස් විම් ලිපි නිකුත් කර ඇත්තේ 2018 වසරේ දිය.

ඇතැම් නිළධාරින් ට අදාළ උසස් විම් ලිපි ලබා දී ඇත්තේ ඔවුන් විශ්‍රාම යාමෙන් පසුව බවද සදහන් වේ.

මොවුන් ගේ වැටුප් වර්ධක වහාම සකස් කර දෙන ලබා දෙන ලෙස දන්වා මහනුවර මහා රෝහල මගින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අවශ්‍ය සියලුම ලිපි ලේඛන සමග යොමුකර තිබේ.

එසේ ලිපි යොමු කර දැනට මාස ගණනක් ගත වී ඇති නමුත් මෙම ගැටලුව තවමත් විසදී නොමැති බව එම නිළධාරීහූ පවසති.

සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමනි , විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් තුමනි මේ ඔබ ඔබ සැමගේ අවධානය පිණිසයි.

මහනුවර වාර්තාකරු : එල්. උපාලි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *