වැව් ඉස්මත්තේ සංචාරක නිවහනේ අපද්‍රව්‍ය වැව්‍ ජලයට

Share Button

අනුරාධපුරයේ ප්‍රධාන ජලාශ්‍රයක් වන මිහින්තලය මහ කනදරාව වැව ඉස්මත්තේ ඉදිකර ඇති සංචාරක නිවහන කඩා ඉවත් නොකිරිම ගැන මහ කනදරා ඒකාබද්ධ ගොවි සංවිධානය දැඩි ලෙස විරෝධතාවය පල කරති.

එම සංචාරක නිවහනෙන් මුදා හරින අපද්‍රව්‍ය වැව්‍ ජලයට එකතු වී සිදු වන පරිසර හානිය මෙම ජනතා විරුද්ධත්වයට හේතු වී ඇත.

මෙම ගොඩනැගිල්ල ඉදි කිරිමට පෙර සිටම වාරි මාර්ග අංශ , වන සංරක්ෂණ භාරය , පරිසර ආයතන හා වෙනත් සංවිධාන විරුද්ධ වී ඇත.

නමුත් , පලකෙරෙන අදාළ චෝදනා මත මෙම සංචාරක නිවහන ඉදිකළ වනජීවී දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ මහ කනදරාව වැවට අපද්‍රව්‍ය බැහැර නොකරන බවයි.

පවතින මෙම වීරෝධතා සහ ගැටළු පිලිබදව අවධානය යොමු කර මෙයට නිසි පිළිතුරක් ලබා දෙන මෙන් ජනතාව බලධාරින් ගෙන් ඉල්ලා සිටිති.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් තුමනි , වන ජීවී හා සංවර්ධන අමාත්‍යංශ ලේකම්තුමනි මේ ඔබ සැමගේ අවධානය පිණිසයි.

අනුරාධපුර වාර්තාකරු : චන්ද්‍රදාස මලවරආරච්චි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *