පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ මෙහෙයුම් තවදුරටත්

Share Button

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. දිවයින පුරා දැන් සාමකාමී වාතාවරණයක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි. මිගමුවේ ඉකුත්දා ඇතිවු සිද්ධියෙන් පසු එහි තත්ත්වය ද සාමකාමී වී ඇත.

එමෙන්ම ජනතාව බියට පත් කරන සහ ආරක්ෂක අංශ නොමග යවන සිද්ධි ද වාර්තා වන බව ඔහු කියා සිටී. එවැනි ක්‍රියාකාරකම් සිදු කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කෙරේ.

දෙමටගොඩ ප්‍රදේශයේ ආයතන සංකීර්ණයක් අද හදිසි පරීක්ෂාවකට ලක් කෙරිණි. ආරක්ෂක කටයුතුවලට බාධා කළ හැකි උපකරණ 8 ක් සමග පුද්ගලයෙකු මීගමුවේදි අත්අඩංගුවට ගත් බවද රුවන් ගුනසේකර මහාත පවසයි.

රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ අදහස් දක්වන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා ඩ්‍රෝන සහ නියමුවන් රහිත යානා පියාසර කිරීමේ තහනම දැඩිව ක්‍රියාත්මක බව කියා සිටී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *