අන්තවාදි මිලේච්ඡ අරමුණුවලට ජාතිය බෙදා වෙන්කළ නොහැකි බව ජනාධිපතිතුමා සයින්දමරුදු හිදී පවසයි.

Share Button

අන්තවාදි ත්‍රස්තවාදි මිලේච්ඡ අරමුණුවලට ශ්‍රී ලාංකේය ජාතිය බෙදා වෙන් කළ නොහැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි. අද පෙරවරුවේ කල්මුනේ සයින්දමරුදු ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවට එක්වීමෙන් අනතුරුව පැවති හමුවකදී එතුමා පැවසුවේ නව ජාතික ආරක්ෂක වැඩපිළිවෙල යටතේ සියලු පුරවැසියන්ට බියෙන් සැකයෙන් තොරව නිදහස් සමාජයක ජීවත්වීමේ අයිතිය තහවුරු කර ඇති බවයි.

පාර්කු ඉරිදා සිදුවීම ශ්‍රී ලංකාවට පමණක් සීමාවු ප්‍රශ්නයක් නොවේ. එය ජාත්‍යන්තර ත්‍රස්තවාදයට සම්බන්ධ වුවකි. මෙම ත්‍රස්ත කණ්ඩායමට එරෙහිව ලොව බලවත් රටවල් නැගි සිටි. ඔවුන් මෙරටින් විනාශ කර දැමිමේ මෙහෙයුම් අපගේ ආරක්ෂක අංශ ඉතා සාර්ථකව අවසානය කරා ගෙනයමින් තිබේ. ඉස්ලාමිය ආගමික නායකයින් සමග සාකච්ඡා කර මුස්ලිම් ජනතාවගේ ගැටඵවලට විසදුම් ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිතුමා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11