මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යාමෙන් ජාත්‍යන්තරයට වැදගත් පණිවිඩයක් ලබා දෙන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සදහන් කරයි

Share Button

පාස්කු ඉරිදා එල්ල වු ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් බිඳවැටුණු සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් වෙමින් ඇතැයි අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි. මැයි සහ ජුනි මාසවල දිනකට සංචාරකයින් 4300 කට ආසන්න පිරිසක් මෙරටට පැමිණිය යුතු වුවත් උද්ගත වු තත්ත්වය තුළ දිනකට 2000 ක් වැනි ඉහළ සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණීම පිළිබඳ සතුටු වන බව හෙතෙම පැවසුවේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී අදහස් දක්වමින් සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති කිෂු ගෝමස් මහතා පැවසුවේ එසේ පැමිණෙන සංචාරකයින් මෙරටේ සාමකාමී වාතාවරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට වැදගත් පණිවිඩයක් සපයන බවයි. සංචාරක ප්‍රවර්ධනය සදහා ජාත්‍යන්තර ප්‍රචාරණ ව්‍යාපෘතියක් කඩිනමින් අරඹන බව ද හෙතෙම සදහන් කළේය. සංචාරක කර්මාන්තය සදහා සහන රැසක් ලබාදී තිබෙ.් ඊට සංචාරක නියෝජිතායතන උපරිම සහායක් ලබා දෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *