නල්ලතන්නිය නගරය පුජා කලාපයක් හා නව නගරයක් ලෙස සංවර්ධනය කරන බව අගමැතිතුමා ප්‍රකාශ කරයි
නල්ලතන්නිය නගරයේ එක් කලාපයක් පූජා නගරයක් ලෙසත් තවත් කලාපයක් නව නගරයක් ලෙසත් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්ට නීත්‍යනුකූල ඉඩම් හිමිකම් නොමැති ගැටඵව විසඳීමට ද කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පැවසුවේ අද පෙරවරුවේ එම ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සමග පැවති හමුවකදීය. ඒ සඳහා සියලු පාර්ශව සහභාගි වන සාකච්ඡාවක් කැඳවීමට ක්‍රියාකරන බව අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.