ආරක්ෂක අංශ ලබා දෙන තොරතුරු කෙරෙහි පමණක් විශ්වාසය තබන්නැයි රජයෙන් ඉල්ලීමක්

Share Button

වගකිව යුතු රජයක් ලෙස ආරක්ෂක අංශ මාධ්‍ය ඒකක මගින් ලබා දෙන තොරතුරු කෙරෙහි පමණක් විශ්වාසය තබා ක්‍රියා කරන්නැයි ආරක්ෂක ලේකම් ජනරාල් එස් එච් එස් කෝට්ටේගොඩ මහතා මහජනතාවගෙන් ඉල්ලිමක් කරයි. සාමකාමී වාතාවරණය රට තුළ මුඵමනින්ම තහවුරු කිරීම සදහා ආරක්ෂක අංශ සැලසුම් සහගතව ක්‍රියාත්මක වන බව හෙතෙම සදහන් කළේය.
ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වු බොහෝ පිරිසක් මේ වනවිට ආරක්ෂක අංශ අත්අඩංගුවේ පසු වන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා ප්‍රකාශ කරයි. ආරක්ෂක අංශ ක්‍රියාත්මක කරන මෙහෙයුම් ඉතා සාර්ථක අන්දමින් සිදු වන බව ඔහු සදහන් කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *